ගතවූ සතියට කොරෝනා මරණ 249ක්


(ඩයනා උදයංගනී)

ගතවූ සතියක කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 249ක් වාර්තා වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1210 කි.

ඒ අතරින් මරණ 606 ක්ම කොවිඩ් තුන්වැනි රැල්ල ඇරඹීමෙන් පසු වාර්තා වී තිබේ.

ඉකුත් 17 වැනිදා සිට ඊයේ (23) දක්වා ගතවූ සතියක කාලයේදී දිනපතා පිළිවෙලින් මරණ 19ක්, 34ක්, 36ක්, 38ක්, 44ක්, 46ක් සහ 32ක් වාර්තා වී තිබිණි.